විදුහල්පති පණිවිඩය
ඩී.එම්.කරුණාතිලක මහතා
ඉතාම මනරම් භූමි භාගයක පිහිටි අප පාසල පෙර සිටම ඉතා උසස් වටිනාකමකින් යුක්ත පාසලකි. සිසුන් 500 ක් පමණ අධ්‍යාපනය ලබන මෙම පාසලේ ගුරුභවතුන් 33ක් පමණ සේවයේ නියුතුව ඇත.සෑම අවස්ථාවකදීම පාසලට ඇතුළත් වන දරුවන්ට ඉතාම උසස් ලෙස අධ්‍යාපනය ලබා දීමට අප පාසලේ ගුරුභවතුන් සූදානම් අතර විදුහල්පති ලෙස මා විසින් ඊට සුදුසු පරිසරය,මඟ පෙන්වීම ලබා දීමට නිරන්තරයෙන් සූදානමින් සිටිමි. එවැනි අභිමානයක් පාසලට ලබා දීමට වෙහෙස වූ ගුරු භවතුන් හා සිසුන් ගෙන ඇති උත්සාහය ඉතා අගය කොට සලකමි.ඉදිරියටත් එම කටයුතු මනා ලෙස ඉටු කිරීමට සිභාසිංසන පුද කරමි.මෙහිදී මාගේ අභිප්‍රාය වන්නේ මෙම පාසල් මාතාවගෙන් අධ්‍යාපනය ලබන වැඩි සිසු පිරිසක් විශ්ව විද්‍යාල ප්‍රවේශය කරා යොමු කිරීමයි.
පාසලේ දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරන අතර දැනුම ඔස්සේ සිසුන් ජය මාවතට යොමු කරවීම අපගේ බලාපොරොත්තුයි. කුලි/ජයසේන රාජකරුණා මහා විදුහල දිනෙන් දින බැබළේවා.
ඩී.එම්.කරුණාතිලක මහතා
විදුහල්පති
කුලි/ජයසේන රාජකරුණා මහා විද්‍යාලය.






