2024 වර් ෂය සඳහා හය ශ්‍රේණිය ඇතුළත් කරගැනීම.

2024 වර් ෂය සඳහා පළමු ශ්‍රේණිය ඇතුළත් කරගැනීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
  • විදුහලේ මනා පැවැත්මටත් රටට වැඩදායක පුරවැසියෙකු ලෙස ඔබට හැඩ ගැසීමටත් විදුහල නීති මාලාවක් සකස් කර ඇත. ඔබගේත්, දෙමාපියන්ගේත්, ගුරු භවතුන්ගේත්, විදුහලේත් ගෞරවය හා හොඳ නම රැක ගැනීම සඳහා පහත සඳහන් වූ එම නීති වලට අනුකූලතාවය දැක්වීම විදුහල් මාතාව ඔබෙන් අපේක්‍ෂා කරයි.
  • නිවසින් පිට වීමට ප්‍රථම දෙමා පියන් නැමදිය යුතුයි.
  • පෙ.ව 30 ට පෙර පාසලට පැමිණ නියමිත පිරිසිදු කිරීමි කටයුතු වල නිරත විය යුතුයි.
  • පාසලට පැමිණෙන සැම දිනකම ගුරු දෙගුරු සම්බන්ධතා පොතේ නොපැමිණීමට හේතුව සඳහන් කරමින් පියා/ මව/ භාරකරුගෙන් අත්සන් කරවා ගෙන පැමිණිය යුතුයි.
  • පාසලට නොපැමිණීම් දින 5 න් පසුව පාසලට පැමිණිය යුත්තේ මව / පියා/ භාරකරු කැටුවය.
  • විද්‍යාලයිය දෛනික චාරිත්‍ර වලට ගරු කළ යුතුයි.
  • පාසලට පැමිණෙන සෑම දිනකම මෙම ශිෂ්‍ය වාර්තා පොත රැගෙන ආ යුතුය.
  • නියමිත වේලාවේදී පමණක් ආපන ශාලාවට යා යුතුය.
  • පාසල් වේළාවෙන් පසු හා නිවාඩු දිනවලදී, පාසලේ පවත්වන අතිරේක පංති හෝ පාසලේ කටයුතු සඳහා දැනුම් දෙන අවස්ථාවන්හිදී නිළ ඇඳුමෙන් සහභාගි විය යුතුය.
  • නියමිත කාර්යයක් නොමැතිව විදුහලේ භුමියෙහි ඇවිදීමෙන් වැළකිය යුතුයි.
  • විෂයන් සඳහා පංතියෙන් බැහැර යන විට සියළු දෙනාම පේළියට යා යුතුය.
  • විද්‍යාලයිය සම්ප්‍රදායට අනුව ශිෂ්‍ය නායක මණ්ඩලයේ උපදෙස් පරිදි උදේ රැස්වීම් වලට සහභාගී විය යුතුය.
  • විද්‍යාලයීය ගීතය, ජාතික ගීතය නිසි පරිදි ගායනා කළ යුතු අතර එවැති අවස්ථාවලදී සිරුවෙන් සිට එයට ගරු කළ යුතුය.
  • විදුහලේදී තම උපකරණ ආරක්‍ෂා කර ගැනීමටත් විදුහල සතු සියළු සම්පත් සුරැ කීමටත් විදුහල් භූමිය පවිත්‍රව හා දර්ශනීයව පවත්වා ගැනීමටත් ක්‍රියා කළ යුතුය.
  • කිසියම් විෂයකට අදාළ ගුරු භවතා නොපැමිණි විටක විෂය ප්‍රධාන සිසුවා විසින් පැවරුම් ලිපි ගොනුව ගෙන අදාළ පැවරුම සිසුනට දිය යුතු අතර, සියලූ සිසුන් නිශ්ශබ්දව එම පැවරුමි කළ යුතුය.
  • ඔබේ අස්වීමේ සහතිකය, චරිත සහතිකය ආදි සහතික ගැනීමට පැමිණෙන හැම විටකම මෙම ශිෂ්‍ය වාර්තා පොතද රැගෙන ආ යුතුය. මෙම පොත නොමැතිව කිසිදු සහතිකයක් නිකුත් කරනු නොලැබේ.
  • පාසලේ භෞතික සම්පත් ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු අතර ඒවා උසස් මට්ටමින් පවත්වා ගෙන යාමට සැම සිසුවෙකුම වග බලා ගත යුතුය.
  • කිසිදු ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් අනවසරයෙන් වේලාසනින් බැහැරව යාම තදබල වරදක් බව දත යුතුය.