ඓතිහාසික පඩුවස්නුවර පුරවරයේ පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
වර්ෂ 1905 වැනි දින දහනැක්ගෙදර මංසන්ධියේ පිහිටි අම්බලමකින් ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ එම්.බණ්ඩා මහතාය. ආරම්භයේ ශිෂ්‍ය සංඛ්‍යාව 8ක් විය. දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර 1907.05.16 වන දින වර්තමාන ස්ථානයට පාසල ගෙන එන ලදී. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. රජයට පවරා ගැනීමත් සමග භෞතික අතින් පාසල තව තවත් සංවර්ධනය වූ අතර, 1918.05.21 දින බාලක බාලිකා ලෙස පාසල කොටස් දෙකකට බෙදුනි.
ආරම්භයෝ 8 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වුණි.එසේම 1955.08.01 දින මිශ්‍ර පාසලක් බවට අප විදුහල පත්වුණි. විදුහලෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබූ සිසු සංඛ්‍යාව ද ඉහළ ගියේ ප්‍රදේශයටද විදුහලේ කීර්ති නාමයටද තවත් වටිනාකමක් එක් කරමිනි. එදා මෙදා තුර පාසලෙන් බිහිවූ විද්‍යාර්ථීන් රටේ විවිධ උසස් තැන්වල තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් ඉටුකර ඇති අතර, එය විද්‍යාලය ලැබූ ඉහළම ගෞරවය ලෙසද සදහන් කළ යුතුය.
විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 31ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 5 කින් සමන්විතය. පන්සිය අටක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. පසුගිය වර්ෂයේ අ.පො. උසස් පෙළ (2022) විභාගයට පෙනීසිටි මුලු සිසුන් 9න් 9 ක්ම විශ්ව විද්‍යාල ප්‍ර වේශය ලැබීමට සුදුසුකම් ලැබීම අප පාසල ලබා ගත් දැවැන්ත ජයග්‍රහණයකි."දැනුම ජය මාවතේ දොරටුවයි" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි.
|
ආරම්භ කළ වර්ෂය |
1905 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
08 |
|
මුල් ගුරුතුමාගේ නම |
එම්. බණ්ඩා මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ජයසේන රාජකරුණා මහා විද්‍යාලය |
|
පාසල රජයට පවරාගත් දිනය |
1907.05.16 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
දහනැක්ගෙදර ගම්මානයේ පැරණි අම්බලම |






